මොකක්ද මේ forex කියන්නේ ? මේකෙන් ඇත්තටම ගොඩ යන්න පුලුවන්ද?

ගොඩාක් දෙනෙක් අපෙන් අහන කතාවක් තමයි මොකක්ද මේ ෆොරෙක්ස් කියන්නේ ? ඇත්තටම මොකක්ද මේ ෆොරෙක්ස් කතාව ? ලංකාවේ ගොඩාක් දෙනෙක් අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියපුවහම ගොඩාක් සැකෙන් තමයි ඒ ගැන හිතන්නේ . එත් දැන් දැන් ඒ මතය පොඩ්ඩක් අඩු වෙලා අපේ තරුණයෝ ගෙදරට වෙලා නිදහසේ ඉදිමින් අන්තරජාලය හරහා තමන් සාර්ථක මිනිහෙක්  වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ඒ වෙනුවෙන් වැඩ කරලා ඉතාම සාර්ථක වෙච්චි අය ඕනේ තරම්. අද වෙනකොට google adsense , you tube, Facebook instant article, fiver freelancing මේ වගේ තව අපි නොකියපු දේවල් ගොඩාක් අදුරගෙන ඒවායින් සැලකිය යුතු මුදලක් හම්බ කරන තරුණ තරුණියන් රැසක් ඉන්නවා . සමහර   අය මේ විදිහට වැඩ කරලා ලංකාවේ ප්‍රසිද්ධ කෝටිපතියෝ විදිහට අද වෙනකොට වැජබෙන අවස්ථා පවා තියෙනවා. පහුගිය  කාලේ ගොසිප් සයිට් ඒ වගේම ෆේස් බුක් වලින් එහෙම අය කීප දෙනෙක් එලි කරා ඔයාලත් මතක අති .

එත් ඔයාලා නිකමටවත් හිතලා බැලුවද ඇයි අපිට බැරි එහෙම තැනකට එන්න කියලා . ඔන්න එහෙම හිතපු ගමන් අපේ ඔළුවට එනවා අමුතුම සිතිවිලි ටිකක් . පොඩ්ඩක් බලන්න මෙන්න මේ සිතිවිලි නෙමෙයිද අපිට ඔළුවට එන්නේ කියලා

  • පිස්සුද අපිට ඉංග්‍රීසි බෑනේ බන් .. ඕවාට සුපිරියටම කඩ්ඩ ඕනේ .
  • බැ බන් ඕවා කරන උන් කොම්පියුර්ටර් කාපු උන් . කැම්පස් ගිහින් ඉගෙනගෙන ඇවිත් ඉන්නේ උන් . අපි කොහේ කරන්නද ඒවා 
  • අපෝ ඕවා කොරන්න බැ බන් . ඕවාට යට කරන්න අම්බානට සල්ලි ඕන
  • අපෝ ඕවාට වෙලාව කොහෙද බන් ?

අන්න ඒ බැ කියන්න ම හිතෙන සිතුවිලි වලට අපි උත්තරයක් අරගෙන ආවා . අපි මේ කතා කරන්න යන විෂය කැම්පස් ගිහින් එන්න ඕනේ වැඩකුත් නෙමෙයි .. මහා ලොකු කඩ්ඩ පොලිෂ් පොරක් නැත්නම් පොෂ් කෙල්ලෙක් වෙන්න ඕනෙත් නැ , අම්බානට මේ වැඩේට යට කරන්න සල්ලි ඕනේ වෙන්නෙත් නැ , අනික තමයි මහා ලොකු වෙලාවක් මේ වෙනුවෙන් වැය කරන්න ඕනෙත් නැ .. මේක ඔයාල ඕනේ කෙනකුට සරලව ඉගෙන ගෙන ඉවසීමෙන් කරන්න පුළුවන් වැඩක්


මේකත් අර පිරමීඩ වංචාවක් වගේ ද ?

අපෝ නැ .. බයවෙන්න එපා ඔය marketing network , frendship network වගේ මොන නම් වලින් ආවත් පිරමිඩ වංචා වලට නම් අහුවෙන්න තරම් අපි මෝඩ නැ .. මේක එහෙම එකක් නෙමෙයි . මේක නිකන් කොටස් වෙළද පල වගේ .. එතකොට මේක නිත්‍යනුකුලද ? ලංකාවේ කරන්න පුලුවන්ද? ඔව් අනිවාර්යෙන්ම මේක 100 % නිත්‍යානුකුල දෙයක් . ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනෑම රටක ඉදලා මේ වැඩේ කරන්න පුළුවන් . ඔයාලා අපි විතරක් නෙමෙයි ලෝකේ ප්‍රධාන පෙලේ සියලුම වාණිජ බැංකු මේ forex කියන ව්‍යාපාරයේ යෙදී ඉන්නවා . ලංකාවේ බැංකුත් ඇතුලත්ව. එක නිසා forex ගැන බයවෙන්න එපා .


හරි ඔය කියන විදිහට සල්ලි හම්බ කරන්න අපි මොනවාද කරන්න ඕනේ ?

අන්න පුතෝ නියම ගැටලුව ..   අපි දැකලා තියෙනවා ෆේස් බුක් එකේ එහෙම  සමහර අය හදුන්වා දෙනවා මුලින් කීයක් හරි දාලා එකතු වෙන්න. පස්සේ මාසෙට හිතාගන්න බැරි ගානක් අතට එනවා කියලා . ලොකු හීන මවනවා.. අපේ එවුනුත් හිටු කියලා මේවට අහුවෙනවා . මොකද අද මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි හින්දා මොකක් හරි එකක එල්ලිලා ගොඩ යන්න හදන්නේ . අනිවාර්යෙන්ම මතක තියාගන්න අනතරජාලයේ නෙමෙයි ඕනෙම තැනක ඔයාට මොනවත් වැඩක් නොකර නිකම්ම සල්ලි ගෙනත් දෙන්න කවුරුත් නැ . ඒවා පට්ට පල් බොරු . ඒවා විශ්වාශ කරලා අමාරුවේ වැටෙන්න එපා . අපි කියන මේ forex වලදීත් ඔයාට නිකන් ඉදලා සල්ලි හම්බ කරන්නම් බැ . ඔයාට වැඩක් කරන්නම වෙනවා. මොලේ පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් වෙහෙසන්න්ම වෙනවා . ඉවසන්න පුරුදු වෙන්න වෙනවා . තර්කානුකුලව හිතන්න පුරුදු වෙන්න වෙනවා . එහෙම හිතලා හොදට plan කරලා වැඩ කරොත් ෆොරෙක්ස් වලින් ගොඩ යන්න පුළුවන් . මෙහෙම කිවුවට බැ . forex කරනවා කියලා අපි කරන්නේ මොකක්ද කියලා තාම දන්නේ නැ නේද? සරලවම කරන්නේ මෙච්චරයි . ලෝක මුල්‍ය වෙළඳ පලේ විනිමය අනුපාතයන් (ඒ කියන්නේ රට රටවල මුදල් වර්ග වල වටිනාකම් වෙනස් වීම ) වෙනස් වීම සිදුවෙනවා හැම වෙලේම. එක දන්නවා නේද? අහලා ඇතිනේ ඇමරිකානු ඩොලරයේ මිල ඉහල පහල යනවා කියලා .. අන්න ඒ වගේ විනිමය අනුපාතයන් වෙනස් වෙනකොට අපි අපේ සල්ලි ඒ ඒ රටවල සල්ලි වලට මාරු කරලා ලාභ ලබා ගන්න වැඩේ තමයි අපි කරන්නේ .

 ඉතින් ඔය තරම් සල්ලි හොයන්න පුලුවන්ද ඒකෙන් 

ඔව් අනිවාර්යෙන්ම . කොටස් වෙළද පලදී ඔයා අහලා ඇතිනේ යම් සමාගමක කොටස් මිලදී අරගෙන ඒ සමාගමේ කොටස් මිල වැඩි වෙනකම් ඉදලා විකුනලා සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තමයි අපිත් කරන්නේ රටක මුදල් සල්ලි දීලා අරගෙන ඒ මුදලේ වටිනාකම වැඩි වෙනකොට ලාභ ලබා ගන්න එක. මේක හැබැයි කොටස් වෙළඳ පලට වඩා ගොඩක් වෙනස් . මුදල් වර්ගයක් ගණන් වැඩි උනත් අඩු උනත් සල්ලි හොයන්න පුළුවන්.. පිස්සු වගේ නේද? එහෙම වෙන්නේ කොහොමද කියලා . අපි කියලා දෙන්නම් හරියටම පැහැදිලිව කොහොමද එහෙම වෙන්නේ කියලා .  ඒවා හරියටම ඉගෙන ගත්තහම ඔයාටත් හිතෙයි forex කියන්නේ මොනතරම් සාර්ථක වැඩක් ද කියලා !

ෆොරෙක්ස් වලින් ගොඩ ගිය උන්ට වඩා නැති වෙච්ච උන් වැඩියි නේද? 

අනිවාර්යෙන්ම ෆොරෙක්ස් වලින් අම්බානට අතේ තියෙන සල්ලි ටික ඉවරකරගත්තු අය ඕනේ තරම්.. ඔයාලත්  forex කරනවා කියලා කියපු ගමන් වටේ පිටේ ඉන්න 10 දෙනෙක්වත් කියයි එයාලගේ අත්දැකීම් අම්බානට . හැබැයි පුතෝ අපි දන්නවා 10 දෙනෙක් ඔයාලට විස්තර කිවුවොත් ඒ දහය අතර සාර්ථක වෙච්ච එකෙක් වත් ඉඳියි කියලා හිතන්න අමාරුයි. මොකද සාර්ථක වෙච්ච අය සද්ද නැතුව වැඩේ කරගෙන යනවා . කාටවත් එක කියන්නේ නම් නැ . ඒ අපේ ලංකාවේ හැටි. හැබැයි අනිවාර්යෙන් 90% අලුතෙන් forex වලට එන අය තමාගේ සල්ලි නැතිකරගන්නවා.

අම්මෝ එහෙනම් මට එපා  forex ! – එහෙම හිතුනා නේද? 

අන්න අන්න වැරදුනු තැන. forex වල 90% සමහර විට ඊටත් වැඩි ඇති සල්ලි නැති කරගන්න හේතුව වෙන්නේ මෙන්න මේ හේතු . තවත් ඒවා තියෙනවා අපි ඒවා ඔක්කොම කියලා දෙන්නම් . ඒවා පාලනය කරන හැටිත් කියලා දෙන්නම් ..

  1. මහා හීන ගොඩක ඉඳ trade කිරීමට ගොස් වැඩි තන්හාව නිසා මුදල් අහිමි කර ගැනීම
  2. මනා පුහුණුවකින් තොරව සැබෑ මුදල් භාවිතා කිරීමට ගොස් මුදල් අහිමි කර ගැනීම
  3. ඉතා සුළු මුදලක් බැගින් ආයෝජනය කිරීම
  4. ලෝක සිදුවීම් ගැන සංවේදී නොවීම
  5. ලෝකයේ පිළිගත් තැරැව්කාර ආයතන මග හැර ප්‍රෝඩාකාරී ආයතන වලට ලියාපදිංචි වීම (එම ආයතන වලින් ලැබේන කොමිස් මුදල් වෙනුවෙන් forex උගන්වන අයද ඔවුන්ගේ සිසුන් ඒවායේ ලියාපදිංචි කරවීමේ අසික්කිත වැඩ පිළිවෙලක් ලංකාවේ ක්‍රියාත්මක වේ )
  6. අසීමිත මුදල් හෝ එක රයකින් කෝටි පතියකු වීමේ බලාපොරොත්තුවෙන් forex වලට පිවිසීම
  7. හැගීම් පාලනය කර ගැනීමේ අපහසුව 

මෙන්න මේ කියන වැරදි නිසා තමයි අපේ අය සල්ලි නැති කරගන්නේ. නැත්නම් ඉවසීමෙන් හැඟීම් පාලනය කරගෙන වැඩ කරන එකෙකුට forex කියන්නේ දියුණුවට යන පඩි පෙළක් .

ඔයාලත් එකතු වෙන්න netcash.lk වෙතින් සංවිධානය කරන forex වැඩමුළු වලට . forex ගැන කිසිම දෙයක් දැනගන්න ඕනේ නැ . මුල ඉඳලා අපි හැම දෙයක්ම ගැන සරලව කතා කරන ලංකාවේ සාර්ථකම forex වැඩමුළු මාලාව ළඟදීම අපි ආරම්භ කරනවා . අපේ වැඩමුළු මෙතෙක් ඔයාලා දැකලා තියෙන වැඩමුළු වලට වඩා ගොඩැක් වෙනස් . වැඩි විස්තර දැනගන්න අපිට ලියන්න info@netcash.lk හෝ අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරන්න 

අපේ තවත් ලිපි ලියලා තියෙනවා ඒවත් කියවන්න . හිතලා බලන්න ලේසියෙන් ගොඩ යන මාවතක් ඔයා ළඟ තියෙනවා . තොරගන්න්වාද කියලා . සමහර විට අද ඔයා තියන පියවර ඔයාගේ ජිවිතේ අමතක නොවෙන ස්වර්ණමය පියවරක් වේවි .

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න