Forex වලින් බොහෝ දෙනෙක් අසාර්ථක වන්නේ ඇයි?

forex වලට ආධුනික trader වරුන් වශයෙන් බැඳෙන 90% කටත් වඩා අසාර්ථක වීම සාමාන්‍ය සිදුවීමකි. එය එසේ වීම නිසා අද වන විට බොහෝ දෙනෙක් forex කියන්නේ වංචාවක් , ඕවා අපිව රවට්ටන වැඩ ආදී වශයෙන් forex තෝරා ගැනීමට අදහස් කරන අනෙක් අයට සැම විටම පවසනු අසන්නට ලැබේ. මේ නිසා සමහර විට ඔබද forex වැනි ව්‍යාපාරයක් තෝරා ගන්නට පෙර නැවත නැවතත් සිතා බලනවා වන්නට පුළුවන .

නමුත් netcash.lk සමග එකතු වන ඔබට අපි අවධාරණයෙන්ම පවසන්නේ කවුරුවත් කිව පලියට දෙයක් විශ්වාස කරන්න එපා. අඩුම තරමින් අපි කියනවාටවත් විශ්වාස කරන්න එපා . ඔයා උත්සහ කරන්න . ඔයාම මේ දේ අත්විදින්න. forex market එකට කවදාවත් එක වැඩමුළුවකට සහභාගී වූ පලියට මුදල් යොදවන්න එපා . ඔයාට අති වෙනකම් පුරුදු වෙන්න පුහුණු ගිණුම් සාදා ගන්න පුළුවන් . ඒවා යොදාගෙන මේ forex market එකේ ක්‍රියාවලිය හොඳින් අදුරගන්න .

අනික් කාරණය තමයි forex බොරුවක් කියලා කියන හුගක් දෙනෙක් දැනගෙන නැ ඇත්තටම forex market එක සහ අපේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා . එයා ඒවා මුල ඉදන් අධ්‍යනය කරානම කවදාවත් මේ බොරුවක් කියලා එයා කියන්නේ නැ . මොකද forex කියන්නේ මායාවක්වත් , අර වංචාකාරී පිරමිඩ වගේ සිහින කතාවක්වත් නෙමෙයි. පැහැදිලිව මුදල් ලැබෙන වැඩි ලාභ මෙන්න වැඩි අවධානම් ව්‍යාපාර ක්‍රමයක්. මේක වීඩියෝ ගේම් එකක් නොවන බව ඉස්සල්ලම තේරුම් ගත්තොත් මේ market එක තුල loss නොවී ලාභ උපයන්න හිතන තරම් අපහසුවක් නැ . netcash.lk අපි අදුරගත්තා forex market එකට පිවිසෙන ලංකාවේ බොහෝ දෙනෙක් අසාර්ථක වීමට බල පාන හේතු කිහිපයක් . තවත් ඒවා තියෙනවා එත් අපි මේ පහතින් කියන්නේ ප්‍රධානතම බහුලව දැකිය හැකි හේතු කිහිපයක් විතරයි. ඔයාත් forex තුලින් ජිවිතේ ජයගන්න හිතන කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ හේතු ඔයාට බලපානවාද කියලා සැලකිලිමත් විය යුතුයි .

  • නියමිත සිද්ධාන්තමය දැනුමක් රහිත වීම (බොහෝ දෙනකුට අඩුම තරමින් තමා ගනුදෙනු කරනවා යනු කුමක්දැයි හරි හැටි පැහැදිලිව පැවසිමටත් හැකියාවක් නොමැති බව අපිට ඕනෑතරම් නිරීක්ෂණය වී ඇත )
  • ප්‍රමාණවත් තරම් ප්‍රයෝගික පුහුණුවක් පුහුණු ගිණුම් වලින් ලබා නොතිබීම (බොහෝ emoney වැඩමුළු වලදී එදිනම මුදල් තැන්පත් කරවනුයේ අදාළ බ්‍රෝකර් සමාගම් විසින් එකී උපදේශකයන්ට ඉහල කොමිස් මුදලක් ගෙවන නිසාවෙනි )
  • නියම විශ්වාශ දායි බ්‍රෝකර් වරයකු තෝරා නොගැනීම ( වැඩමුළු හෝ ලංකාවේ සමහර වෙබ් අඩවි වලින් නිර්දේශ කරන බ්‍රෝකර් වරුන් තෝරා ගැනීම නැතිනම් ආකර්ශනීය දීමනා සමහර විට 100% වැඩිපුර මුදල් වැනි ඒවාට රැවටී වංචාකාරී හා market maker වර්ගයේ බ්‍රෝකර වරුන් තොරාගෙන තිබීම )  මේ පිළිබඳව වැඩිපුර තවත් ලිපියක සහ වැඩමුළු වලදී සවිස්තරාත්මකව පැහැදිලි කිරීම් කරනු ඇත .
  • අසාමාන්‍ය හීන මැවීම් වලට අසුවී අසීමිතව එක රැයින් මුදල් කොටි ගණනින් ඉපයීමට උත්සහ කිරීම
  • market Analysis ක්‍රම පිලිබන්දව 100% අධි තක්සේරු විශ්වාශයක් තැබීම
  • කිසිදු විශ්ලේෂණ ක්‍රම භාවිතා නොකර වාසනාව මත යැපෙමින් සුදු කෙලියක් බවට පත් කර ගැනීම
  • හැඟීම් පාලනයට ඇති නොහැකියාව (ලාභය  තුල නොවිසිලිමත්  වීම හා අලාභය තුල අසමානය ලෙස කලබල වීම )
  • margin වැනි දේ පිළිබඳව කිසිදු තැකීමක් නොකර හිතු මතයට ගනුදෙනු කිහිපයක් එකවර යෙදීම .
  • මුදල් කළමනාකරණය පිලිබඳ කිසිදු තැකීමක් නොකිරීම

සරලවම පැවසුවහොත් අසාර්ථක forex trader වරුන් අතරින් බොහෝ දෙනෙක් forex යනු MT4 මෘදුකාංග යෙන් කරන වීඩියෝ ගේම් එකක් ලෙස සලකමින් ක්‍රියා කරනු අපි කොතෙකුත් දැක ඇත . නමුත් forex යනු සුදුවක් නොවේ . එය ඉතා හොඳින් ඉගෙනගෙන වැදගත් විදිහට කල යුතු වයපාරයකි .

අපි මෙතෙක් ඔබ forex පිළිබඳව යම් වැඩමුළුවකට සහභාගී වී යම් කිසි දෙයක් ඉගෙන ගත්තානම් පිලිබඳ සිතා සිටි සියල්ල වෙනස් කරන්නෙමු. එක්වන්න netcash.lk වැඩමුළු මාලාවට . ලෝකයේ ලක්ෂ ගණනින් කෝටිපතියන් බිහි කල සාර්ථකත්වයේ මග forex තුලින්  – එන්න අපිත් එක්ක එකතු වෙලා අපේ අපේ මාවතයන් සොයා යමු . ඔබ මෙතෙක් අත් නොවිඳි නවීනතම ඉගැන්වුම් ක්‍රමවේදයක් තුලින් සියල්ල ඉතා සරලව . සාර්ථකත්වය පිලිබඳ වගකීමක් දිය හැකි දිවයිනේ එකම forex වැඩමුළු මාලාව. ළඟදීම netcash.lk වෙතින් . දැන්ම ඔබත් ඔබේ විස්තර අප වෙත එවන්න  info@netcash.lk   0778126548

 

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න