අන්තර්ජාලයෙන් මුදල් හොයන හොඳම ක්‍රම මොනවාද?

අන්තරජාලයෙන් මුදල් හොයන ක්‍රම ගැන අද වෙනවිට බොහෝ දෙනෙක් තොරතුරු හොයන්න අරගෙන . මොකද ලංකාවේ ඒ විදිහට අන්තරජාලය හරහා මුදල් හොයලා බොහෝ සාර්ථක වුනු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ ගැන හරියාකාර දැනුමක් ගන්න බැරි උණු පිරිස් වංචනික යන් ගේ විවිධ කතා වලට රැවටී තමාගේ කාලය, ශ්‍රමය විතරක් නෙමෙයි මුදල් පවා නැති කරගෙන නාස්ති කරගෙන මුළු අන්තර්ජාල ව්‍යාපාරික අවස්ථා සියල්ල බොරු යයි කියමින් සිටින බව අපි ඕනෑතරම් දැක තිබෙනවා . අපි ඕනෙතරම් දැකලා තියෙනවා විවිධ පුද්ගලයින් ගෙනයන බොරු ප්‍රචාර වලට රැවටිලා බොහෝ පිරිස් කාලය ශ්‍රමය හා මුදල් නැති කරගන්නා මේ පහත දැක්වෙන ආකාරයේ වැඩ . කවදාවත් මෙන්න මේ දේවල් විශ්වාස කරන්න එපා. මේවා තුලින් ඔබට කවදාවත් සාර්ථක මිනිහෙක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා 

  • Binary Optionමෙය තනිකරම සුදුවක් ආකාරයට කරන වැඩක් . මුදල් ආයෝජනය කිරීමට පෙර සිතා බලන්න 
  • AD Click මෙයනම් ඔබේ කාලය කා දමන ඉතාමත් අසාර්ථක ක්‍රමයක් . කිසිම දිනක ප්‍රමාණවත් මුදලක් ලැබෙයි කියා සිතිය නොහැක. 
  • Facebook Post Share – මේ මෑතක සිට ඉතා ප්‍රථමික ක්‍රමවේදයක් යොදාගෙන තමන්ගේ ව්‍යාපාර වලට අදාළ පොස්ට් එකිනෙකා ලවා ෂෙයාර් කරවමින් ඒවා ට මුදල් ගෙවනාවයි කියන ක්‍රමයකි. facebook හරහා ඉතා කුඩා මුදලක් වැයකර පහසුවෙන් තමන් බලාපොරොත්තු වෙන පුද්ගල කණ්ඩායම් සඳහාම පොස්ට් දර්ශනය කිරීමට හැකියාව තිබියදී ඔබ පොස්ට් සේයාර් කිරීම හරහා ඔබට ප්‍රමාණවත් මුදලක් ලබා දෙවිදැයි විශ්වාස කල හැකිද? සිතා බලන්න 
  • form Filing/ Word/ Exsel හරහා අසීමිත මුදල් – මේ දේවල් හරහා සමහර විට යම් මුදලක් සොයා ගත හැකි බව සත්‍යකි. නමුත් ඔබේ මහන්සියට සාපේක්ෂව කිසිම අවස්ථාවක මුදලක් ලැබේයයි සිතන්න එපා . fiver වැනි දේවල් කරනවාවන් වෙනස් ආකාරයක සබැ දක්ෂයකු වන්න (ග්‍රැපික් , වෙබ් ඩිවලොප්මන්ට් , ප්‍රොගරමින් ) වැනි, එසේ නොමැතිව සරල ෆෝර්ම් පිරවීම වැනි දේවල් වලින් අසීමිත මුදල් ඉපයීමට උත්සහ දැරීම තනිකරම කාලය කා දැමීමක් බව තේරුම් ගන්න 
  • Network Marketing – පිරමිඩ වංචා කර්මයන් සඳහා කියන සමාන වචනයක්ම ලෙස මෙයද හඳුනා ගත හැක. විශාල මුදලක් ගෙවා වෙබ් අඩවියක සාමාජිකත්වය ලබා ගැනීමට ප්‍රථම මොහොතක් සිතා බලන්න . ඔබට මුදල් ලැබෙන පැහැදිලි පිළිගත හැකි ක්‍රමයක් ඔවුන් පහදා දී තිබේද? 

තවත් ඔයාලා හිතලා බලන්න. කවුරුවත් කියපු පලියට තමන්ගේ මුදල් හෝ කාලය ශ්‍රමය වැය ක‍රන්න එපා . අපි කියන්නම් ඇත්තටම අන්තර්ජාලය තුලින් සැක නැතිව මහන්සි වෙලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. මේ ගැන ඔයාලාට අපි ඉදිරියේදී විවිධ වූ පාඩම් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ක්‍රම භාවිතා කරන්න මේවා අදටත් ලෝකේ / ලංකාවේ බොහෝ දෙනෙක් සාර්ථකව භාවිතා කරන ඒ වගේම අති සාර්ථක වුනු අන්තර්ජාල මුදල් සෙවීමේ ක්‍රමවේදයන් . හැබැයි කවුරුත් කරන පලියට නැත්නම් කවුරු හරි සාර්ථක වුනු පලියට ඔයා එක තොර ගන්න එපා . හිතලා බලන්න . වෙලාව ගන්න තමන්ගේ හැකියාවන් ඒ වැඩේට ගැලපෙනවද කියලා හිතලා බලන්න 

  • Google Adsense (Website)  – ඇත්තටම ඉතාම විශ්වාශ දායි ක්‍රමයක්. මේ හරහා සැලකිය යුතු මුදලක් සොයා ගන්න පුළුවන් . නමුත් සිංහල භාෂාවෙන් පලවන වෙබ් අඩවි සඳහා මෙම සේවාව නැත. (සමහර ප්‍රධාන පෙලේ අඩවි වල ඉතා ඉහල විසිටර් සංක්‍යාවක් ඇති නිසා සිංහල උවද එම වෙබ් අඩවි සඳහා මෙම පහසුකම සපයා ඇත . hirugossip.lk/ lankacnews.com වැනි  ඉංග්‍රීසි භාසාවෙන් අදාළ නීති රීති වලට අනුව හොඳ අන්තර්ගතයක් සහිතව නිවැරදිව SEO කර සාදන වෙබ් අඩවියක් සඳහා ලබා ගත හැක . වෙබ් අඩවි නිර්මාණය කිරීමේ දැනුම , ඉංග්‍රීසි භාෂා දැනුම , සාමාන්‍ය ග්‍රැපික් වැඩ (Adobe PS) පිලිබඳ දැනුම තිබිය යතුය .
  • YouTube – මෙයද google Adsense හරහාම මුදල් සෙවීමකි. තමන් විසින් අප්ලෝඩ් කරන වීඩියෝ සනදහා Google Adsense දැමීමෙන් මුදල් ලැබේ. කොපි කිරීමෙන් තොරව හොඳ වැඩිපුර නරබන වීඩියෝ නිර්මාණය හරහා මුදල් සෙවිය හැක . වීඩියෝ එඩිටින් හැකියාවක් , වෙනස් විදිහට සිතීමේ හැකියාවක් ඇත්නම් පහසුවෙන් සැලකිය යුතු මුදලක් සෙවිය හැක.
  •  Facebook Instant Article – මෙයද ඉතා සාර්ථක කරමයකි. තමන්ගේ වෙබ් අඩවියක් fecebook instant Article වලට Aprove කර ගැනීමෙන් මුදල් සෙවිය හැක. සිංහල අඩවි සනදහා ලබා දේ . වෙබ් අඩවි නිර්මාණය , ග්‍රැපික් දැනුම, වැඩිපුර ප්‍රමානයක් කියවිය හැකි ලිපි ලිවීමේ හැකියාව ඇත්නම් මේ හරහාද සැලකිය යුතු මුදලක් සෙවිය හැක 
  • Web SiteAd- සමහර දෙනෙක් මෙම කරමයද තෝරාගෙන ඇත . ඔබ විසින් නිර්මාණය කරන ලද වෙබ් අඩවියකට ප්‍රමාණවත් ප්‍රමානයක් දිනපතා පමිනේනම් ඔබට මුදල් සෙවිය හැකි තවත් ක්‍රම පවතී. විවිධ වූ Add වර්ග අති බැවින් ඒවා භාවිතා කල හැක (Ylix , Popler ads) වැනි. මේවා භාවිතා කරන විට සැලකිලිමත් වන්න මේ දැන්වීම් දමන ලද ඩොමේන් fb එක විසින් බ්ලොක් කර හැක. 
  • Fiver /freelancer වැනි online JOB- මෙයද ඉතා සාර්ථක කරමයකි. මේ හරහා සැලකිය යුතු මුදලක් සෙවිය හැක. ඔබ යම් දෙයක උදා ලෙස ග්‍රැපික් වෙබ් ඩිසයින් වැනි ඉහල නිපුණතාවයක් අත්‍යවශ්‍ය වේ .
  • Forex – ඉහත කතා කරන ලද සියලු දේවල් සමග සැලකීමේදී ඉතා පහසුවෙන් පිවිසිය හැකි ක්‍රමවේදයකි. නමුත් forex පිළිබඳවද ඔබ අනිවාර්යෙන්ම ඉතා හොඳින් සිද්ධාන්තමය සහ ප්‍රයෝගික පුහුණුවක් ලබා ගත යුතුමය .

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න