forex කරන්න කලින් හරියට බ්‍රෝකර් කෙනෙක් තෝරාගන්නේ කොහොමද?

forex වලදී පට්ටම වැදගත් වැඩක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ ? ඒ තමයි හරියටම විශ්වාසදායි බ්‍රෝකර් වරයකු තෝරා ගැනීම . මේ බ්‍රෝකර් කියන්නේ කවුද? එයා මොනවාද කරන්නේ කියන කාරනා ගැන සමහර විට ඔයාලට වැඩි දැනුමක් නැතුව අති. ඒ සඳහා හොඳ ලිපි මාලාවක් අපි තව ලියනවා ඉදිරියේදී . ඒ වගේම අපේ වැඩමුළු වලදීත් අපි මේ ගැනත් හොඳට ඔයාලට පැහැදිලි කරලා දෙනවා , සරලවම කිවුවොත් මේ බ්‍රෝකර් තමයි ඔයාලව forex market එකත් එක්ක සමබන්ධ කරන්නේ. අනික තමයි වැදගත්ම කාරණය ඔයා ට forex ගැන හරියට ඉගෙන ගන්නකොට අහන්න ලැබෙන වචනයක් තමයි ආන්තික වෙළදාම , නැත්නම forex වලදී බහුලව අපි ඉංග්‍රීසි වචනය භාවිතා කරන නිසා නිතරම අහන්න ලැබෙන්නේ margin Trade  කියන වචනය . ඒ කියන්නේ ඔයා forex market එකේදී යම් කිසි මුදල් වර්ගයක යම් ප්‍රමාණයක් මිලදී ගත යුතුයිනේ ලාභ ලබා ගැනීමට . අපි මුලින් ලිපි වල මේ ගැන කිව්වා මතකයි නේද? අන්න එහෙම මිලදී ගන්නකොට ඔයා එකක් මිලදී ගත්තහම අපේ බ්‍රෝකර් අපි වෙනුවෙන් 500 ගුණයක් වගේ මිලදී ගන්නවා . ඒ කියන්නේ අපි දුන්න ගාන වගේ 499 ගුණයක් එයා අතින් දාලා . අන්න ඒ වැඩේ කරන්නෙත් අපේ බ්‍රෝකර් තමයි. එහෙම කරන්නේ ඇයි? මොකක්ද අපිට තියෙන වාසි සහ අවාසි ? බ්‍රෝකර් කෙනෙක් එහෙම කරලා කොහොමද ලාභ ලබන්නේ කියන හැම කාර්නයකටම අපි උත්තර දෙනවා පැහැදිලිව අපේ වැඩමුළු වලදී .දැනට ඔයා මතක තියා ගන්න බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කවුද කියලා විතරක්වත් .

කොහොම හරි කතාව මේකයි. ඔයා forex market එකේදී ලාභ ලබනවාද නැත්නම් සල්ලි ටික ඉවර කරගෙන පිස්සෙක් වෙනවාද කියන කාරණයේදී මෙන්න මේ බ්‍රෝකර කෙනෙක් තෝරා ගැනීම පට්ටම වැදගත් . මොකද අපි ආයෝජනය කරන සල්ලි ඔක්කොම එයාටයි අපි දෙන්නේ. අනික එයා අපිට සපයපු මෘදුකාංගයකින් තමයි අපි ගනුදෙනු කරන්නේ

අපි ගොඩාක් විෂය කරුණු මේ ලිපි වලින් කතා කරන්න යන්නේ නැ . සරලවම කියන්නම් forex Broker වරුන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදනවා .

එතකොට මේ අය ලාභ ලබන හැටි වගේ දේවල් වල ලොකු වෙනස් කම් තියෙනවා . අපි ඒ ගැනත් කතා කරන්නම් ඉදිරියේදී . හැබැයි මතක තියාගන්න කවදාවත් market Maker වර්ගයේ බ්‍රෝකර කෙනෙක් තෝරාගන්න එපා . විශේෂයෙන් අපි පොඩි ආයෝජනයක් අරගෙන market එකට එනවනම් එයාලව කීයටවත් ගැලපෙන්නේ නැ . එක නිසා අනිවාර්යෙන්ම  ECN වර්ගයේ බ්‍රෝකර් වරයෙක් තෝරාගත යුතුමයි ඔබ . අපි ඒ ඇයි කියන කාරණය අපේ වැඩමුළු වලදී කතා කරනවා . හරි ඒ වගේම තමයි පොදුවේ ඔයා බ්‍රෝකර් කෙනෙක් තෝරා ගන්න විට සලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා . අන්න ඒවා ගැනයි අපි දැන් කියන්න යන්නේ . ඔයා අනිවාර්යෙන්ම මේ කියන කාරනා ඔයාගේ බ්‍රෝකර් සම්බන්ධයෙන් නිවැරදිද කියලා හොයලා බලන්න

  • අදාළ බ්‍රෝකර් සමගම පිළිගත් රටක (එංගලන්තය / ඔස්ට්‍රේලියාව / ඇමරිකාව වැනි )  පිළිගත් සමාගමක්ද යන වග . කිසිම දිනක ඉන්දියාව , මාලදිවයින් බංගලාදේශය වැනි රටවල බ්‍රෝකර් සමාගම පිලිබඳ විශ්වාසය තබන්න එපා . සංවර්ධිත බටහිර රටවල මුල්‍ය ප්‍රතිපත්ති හා නීති රීති වඩාත් හිතකර නිසා මෙමසමාගම පිලිබඳ විශ්වාසය තැබිය හැක
  • අදාළ සමාගම්ගු ගල් රෑන්ක් වල කි වෙනි ස්ථානයේ පසු වන්නේද යන වග
  • අසාමාන්‍ය ලෙස ඔබ තැන්පත් කරන මුදලට අමතර 100% ගෙවීම වැනි දේවල් කරන සමාගම පිලිබඳ විශ්වාසය තබන්න එපා
  • document අවශ්‍ය නැති බව පවසන සමාගම පිලිබඳ විශ්වාසය තබන්න එපා
  • අසාමාන්ය ලෙස ලෙවරේජ්  ඉහල අගයක් දෙන සමාගම් පිළිබඳවද විශ්වාස කරන්න එපා

තවත් මේ වගේ ඔයාලා වඩාත් වැදගත් වෙන්න අවශ්‍ය කාරනා ගැන අපි අපේ වැඩමුළු වල කතා කරනවා වගේම අපි ඉදිරියේදී තවත් ලිපි පවා පළකරන්නට සුදානම් . ඒ වගේම තමයි ලංකාවේ forex හෝ e money වැඩමුළු කරන හැම කෙනෙක්ම එයාලට ලැබෙන කොමිස් එක ගැන හිතලා market maker වර්ගයේ බ්‍රෝකර් වරුන් ළඟ වැඩමුළු වලට සහභාගී වෙන අයව ලියාපදිංචි කරත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට netcash.lk අපි ඔබට නිවැරදිව බ්‍රෝකර් වරයෙක් තෝරා ගන්නා හැටි පිළිබඳවද ඉතා සරලව වැඩමුළු වලදී පැහදිලි කරන්නේ මුදල් අපේ මුලික අරමුණ නොවන වග තවත් වරක් ඔප්පු කරමින් 

අනික තමයි forex කියන්නේ අපිට හිතා ගන්න බැරි තරම් විශාල market එකක්. එකේ අපේ මේ පුංචි රටේ තවත් කෙනෙක් ලාභයක් ලැබුවා කියලා ඔයාට ලාභ ලබන්න බැරි වෙන්නේ නැ . එක නිසා හිත හිතා ඉන්නේ නැතිව මේ ලිපියත් ඔයාගේ යාලුවොත් එක්ක බෙදාගන්න share කරන්න අමතක කරන්න එපා .

අපිත් සමග ඔබේ ගැටළු ගැන කතා කරන්න දැන්ම ඔබත් මේ වෙබ් අඩවියේ පහතින් අති සජීවී සංවාද පහසුකම හරහා ප්‍රශ්න ඉදිරිපත් කරන්න

 

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න