forex පනින්නට පෙර අනිවාර්යෙන් සිතා බලන්න – මට පුලුවන්ද?

forex ගැන ගොඩාක් දෙනෙක් ගොඩාක් විස්තර හොයනවා . ඒ වගේම forex වල ආයෝජනය කරන්න ගොඩාක් දෙනක් යොමුවෙලා තියෙනවා . තවත් අපි දන්නා ගොඩාක් අය forex වලින් සැලකිය යුතු මුදලක් ලාභ ලභා ගන්නවා . ඒ නිසා ගොඩාක් අය හිතනවා forex වලින් ඉතා පහසුවෙන් මුදල් ඉපයීමට හැකි යි කියලා . තවත් අය හිතනවා forex කියන්නේ සෙල්ලමක් නැත්නම් සුදුවක් කියලා . එයාලා වාසනාව එකක ඔට්ටු දාන්න තමයි forex තෝරාගන්නේ . එයාලා අභාෂය අරගෙන තියෙන්නේ ගමේ ගොඩේ සෙල්ලමක් වෙන බුරු ක්‍රීඩාවෙන් නැත්නම් ඒ වගේම ටිකක් පොෂ් විදිහට කරන්න පුළුවන් ඔන්ලයින් සෙල්ලම් වෙච්චි binary වලින්. ඉතින් අන්න එහෙම සෙල්ලම් කරන්න නැත්නම් දවස් තුනෙන් හෝ එක දවසෙන් ඉගෙනගෙන සතියක් ඩිමෝ කරලා ඊළඟ සතියේ තමන්ගේ ඔක්කොම පුද්ගලික ප්‍රශ්න විසදන්න හිතාගෙන forex වලට එන අය රටක් වශයෙන්ම වදයක් වෙලා ඉවරයි. එයාලා කොච්චර ලොස් වෙලා තියෙනවද කියලා කියනවනම් දැන් අපේ රටේ රුපියල බාල්දු වෙන්නත් එයාලාත් පොඩියට හරි උදව් කරලා තියෙනවා කියලා කිවුවොත් වැරදි නැ .


ඇත්තටම forex කියන්නේ ඉතා ඉහල ලාභයක් සාපේක්ෂව අනෙක් රැකියා එක්ක බලද්දී පහසුවෙන් ඉපයිය හැකි ආයෝජන ක්‍රමවේදයක්. හැබැයි ආයෝජන යක් කියලා මේකට ආයෝජනය කරලා අහක බලාගෙන හිටියට මුදල් ලැබෙන්නේ නැ . මේක ඉතා ගැබුරින් අධ්‍යනය කරලා ඉවසීමෙන් , සහ සංයමයකින් හා මනා කළමනාකරණයකින් යුතුව සිදුකල යුතු රැකියාවක් . මේ රැකියාව තෝරාගන්න ඔයාලා අනිවාර්යෙන්ම මෙන්න මේ සුදුසුකම් සැපිරිය යුතුයි. එහෙම නැතිව ඔන්ලියින් බුරු ගහන්න හිතාගෙන forex තෝරාගන්න එපා . ඔයාගේ කාලය මුදල් සියල්ල අපරාදේ.

  • ඉතා ඉහලම මට්ටමේ සංයමයක් හා ඉවසීමකින් යුක්ත විය යුතු අතර මනාව හැගීම් පාලනය කර ගැනීමේ කුසලතාවය අත්‍යවශ්‍ය වේ
  • ඔබේ නිවස , යාන වාහන විකුණා මුදල් forex වල ආයෝජනය කරන්න එපා . එය ඔබට හැඟීම් පාලනය සඳහා ප්‍රබල බාධාවක් වනු ඇත .
  • ඉතා ඉක්මන් මුදල් බලාපොරොත්තු වෙන්න එපා . forex වල සබැ මුදල් ආයෝජනය කිරීමට ප්‍රථම demo Acc වල පුහුණුව අවම මාස 3ක් වත් ලබා ගැනීමට හැකියාව තිබිය යුතුය.
  • විධිමත්ව forex වල සිද්ධාන්තමය දැනුම ලබා ගත යුතුමය . forex mareket එකේ සිදුවන දේවත් නොදන්නා අයකු තමාගේ මුදල් loss කරගන්නා බව පුදුමයක් නොවේ
  • දවසින් දෙකින් කොටි ගන්න මුදල් ඉපයීම ප්‍රයෝගික නොවන බව වටහා ගත යුතුමය
  • බොහෝ දුරට වගකීම් වලින් තොර හෝ වෙනත් රැකියාවක් කරන හිතේ බරක් නැති අයකු ආධුනිකයකු ලෙස forex වලට ප්‍රවිෂ්ට වීමේදී ලාභ ලැබීම ට වැඩි ඉඩ කඩක් ඇත .

මෙකි කාරනා ඔබ අනිවාර්යෙන් සිතා බලන්න . FOREX තමාට කල හැකි දෙයක්ද? පැහැදිලිව තේරුම් ගන්න . ඔබේ මුදල් සහ කාලය මේ සනදහා වය කිරීමට ප්‍රථම හොඳින් සිතා බලන්න . අනතරජාලයෙන් මුදල් සෙවීමේ වෙනත් ක්‍රමවේද සහ සසඳා බැලීමේදී පහසුවෙන් ඕනෑම අයකුට ග්‍රහණය කර ගත හැකි විෂයක් ලෙස forex  කවුරුත් අතර ජනප්‍රිය බව ඔබද දන්නවා ඇති . එහෙත් forex වලින් මුදල් අහිමි කරගත් අය ඕනෑතරම්.  Netcash.lk අපි අපේ වැඩමුළු වලදී ඔබේ මුදල නොව ඔබේ සාර්ථකත්වය මුලික කොට බලාපොරොත්තු වෙන නිසා වෙනත් වෙනත් වැඩමුළු වලට මුදල් දෙන ඕනෑම අයකු වැඩමුළුවලට සහභාගී කර ගැනීමේ කරමවේදය ඉවත ලා වැඩමුළුව ආරම්භයේදීම forex වල අවධාන්න්ම හා වියදම් සහ අධායම් පිලිබඳ මුලික දැනුමක් ලබා දී ඔබ සතුටු නම් පමණක් මුදල් ගෙවා ඇතුලත් වීමේ පහසුකම් පවා සපයන්නේ එම නිසාවෙනි .

ඔයාටත් අපි කලින් කියපු සුදුසුකම් සපුරන්න පුලුවන්නම් පහසුවෙන් ලාභ උපයන්න පුළුවන් forex වලින් . forex කරන්න ඔයා අපේ වැඩමුළු වලට එන්නම ඕනේ නැ . forex කියන්නේ පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් සරල ඉංග්‍රීසි දැනුම යොදාගෙන babypips වගේ වෙබ් අඩියක් පරිශීලනය කිරීමෙන් . එත් ගොඩාක් දෙනෙක් ස්වයන් අධ්‍යනය තුලින් සාර්ථක නොවෙන අය ඉන්නවා. එයාලාට අවශ්‍ය වෙන්නනේ විධිමත්ව පාසලේ වගේ සියල්ල පැහැදිලි කරගන්න .  අන්න එහෙම අයට තමයි net cash.lk අපි මේ වැඩමුළු නිර්මාණය කර තිබෙන්නේ . අනික forex කියන්නේ සෙල්ලමක් නෙමෙයි. හොඳින් අධ්‍යනය කල යුතුයි. අපි දින තුනක් පුරාවට ඒ දැනුමෙන් අත්‍යවශ්‍ය ටික ඔයාලට හරියටම ලබා දෙනවා. අපි ප්‍රසිද්ධියේ කරන පළමු වැඩමුළු මාලාව . එන්න එකතු වෙන්න  ඔයාටත් forex ගැන ඇත්තටම විශ්වාසද? එන්න අපිත් එක්ක අපි දිනන පාර අනිවාර්යෙන්ම පෙන්වන්නම්….

Please Share Post
  • 4
  •  
  •  
  •  
  •  
  •  
  •  
    4
    Shares
  •  
    4
    Shares
  • 4
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න