වෙබ් අඩවි නිර්මාණය මුලසිට - එක්දින වැඩමුළුව

Who's the target කා සඳහාද?

අද වන විට ලෝකය එකම විශ්ව ගම්මානයක් වී ඇත . ලෝකයේ සියලු අස්සක් මුල්ලක් අත නොහැරම අන්තර්ජාලය ව්‍යාප්ත වෙමින් පවතී. ලෝකප්‍රකට ටයිම්ස් පුවත්පත මේ වන විට තම මුද්‍රිත පිටපත් නවතා දමා වෙබ් සංස්කරණය පමණක් සිදුකිරීමට තරම් අන්තර්ජාලය බලවත්ව ඇත . ඉතින් අපට පමණක් ආපස්සට ගමන් කල හැකිද? නැහැ .. මේ අවස්තාව ඉදිරියට යන්න හිතන ඕනෑම අයකුටයි . අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. හැමෝම බලන වෙබ් අඩවියක හිමි කරුවෙක් වෙන්න හීන දකින ඕනෙම කෙනකුට, තමන්ගේ ව්‍යාපාරය වෙබ් අඩවියක් සමගින් ප්‍රවර්ධනය කරමින් අලුත් විදිහට හිතන්න කැමති ඕනෙම කෙනකුට, තමන්ගේ අදහස් ෆේස් බුක් එකේ විතරක් ලියලා නවතින්නේ නැතුව professional විදිහට තමන්ගේම     වෙබ් අඩවියක් නඩත්තු කරන්න කැමති ඕනෙම කෙනකුට, ලෝකේ  තව    තව   නැගී එන අන්තර්ජාල වෙළඳ    පල ට පිවිසෙන්න   කැමති ඕනෙම කෙනකුට, හරියට වෙබ් අඩවියක් කරලා දහස්   ගණනින් මුදල් හොයන්න්න කැමති  ඕනෙම කෙනකුට , කාටවත් කියලා තමන්ගේ හිතේ    හැටියට වෙබ් අඩවියක් හදන්න බැරි  නිසා හිතේ තියෙන දේ තමන්න්ම කරන්න කැමති ඕනෙම කෙනක්වයි අපි ඉලක්ක කරන්නේ

What qualifications are needed මොනවද ඕනේ සුදුසුකම්?

ඔන්න ඇනෙන තැන කියලා හිතුවා නේද? අම්මෝ මට බැරිවෙයි මේවා ඉගෙන ගන්න – ඕවා හෙන අමාරු වැඩ එහෙම නේද හිතුවේ .. නැ ඒවා ඔක්කොම බොරු . පරිගණකය හොයා ගත්තේ ලෝකේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරන්න මිසක් සංකීර්ණ කරන්න නෙමෙයි . ඉතින් අන්න ඒ නිසා මේ වැඩ සංකීර්ණ වෙන්න බැ . මේවා බොහොම සරලයි. අවශ්‍ය වෙන්නේ සංකීර්ණ දේවල් උනත් සරල විදිහට කියලා දෙන එකයි . ඔයාට සාමාන්‍ය පරිගණක දැනීමක් ඒ කියන්නේ මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න වගේ දේවල් , බ්‍රවුසර් එකක් භාවිතා කරලා අන්තර්ජාලයේ වෙබ් අඩවියකට යන්න වගේ දේවල්, ඊට පස්සේ ඊමේල් එකක් හදාගන්න මේ වගේ දේවල් ඔයාලා නොදන්නවා වෙන්න බැ .. ඉතින් එහෙනම් ඔයාටත් මේක පුළුවන්.. අනික ඉතින් හදන වෙබ් අඩවියට ඕනේ කරන පින්තුර එහෙම ඔයාට ෆොටෝෂොප් වලින් හදන්න පුලුවන්නම් හොඳයි. අඩුම තරමින් ෆොටෝසොප් මුලිකම දැනුම තියේද? නැත්නම් ෆොටෝ එකක් කට් කරන හැටි , ඕපන් කරගන්න හැටි දන් ඉඳන් පොඩ්ඩක් බලලා එන්න  හැබැයි ඔයා ගුගල් ඇඩ්සෙන්ස් භාවිතා කරලා වෙබ් අඩවියකින් සල්ලි හොයන්න හිතනවානම් තව කරන්න ඕනේ වැඩ තියෙනවා, අපි ඒවත් කියලා දෙන්නම්.. ලැප් එකකුත් අරන් අපි කියන දවසට එන්න , මහන්සි වෙන්න පුලුවන ඕනේ කෙනකුට මේ වැඩේ උගන්වන්න අපිට පුළුවන් ..

What do you teach මොනවාද උගන්වන්නේ?

ඔන්න අපේ විෂය නිර්දේශය .. මේවා ඔයාට තේරෙන්නේ නැත්නම් කලබල වෙන්න එපා . අපි ඒවා සරල විදිහට උගන්වන්නම්

  • What Is Web Page And Web Site
  • Basic HTML
  • What is Domain
  • What Is Hosting
  • What Is  search engine optimization
  • Keyword
  • Web Site Plan
  • Web site creating (using Adobe dreamweaver)
  • Insert Table, Image , Galary, Link, etc (using Adobe dreamweaver)
  • Purchase best Domain and host paln
  • Host your Site
  • How To Update Site
  • C-panel
  • What is wordpress
  • Creating Best Web Site Using  WordPress
  • Social Media Connecting
  • Create Contact Form and other Data collection form
  • Custom Home Page And other Page Creating
  • On Page SEO Tricks
  • How To Add Sell Item
  • How to Add Download File
  • Facebook Page Creating
  • Social Shairing
  • Facebook Advertising & Get Trafic
  • Apply Google Adsence
  • Other Ads

The free of charge අපෙන් නොමිලේ ඔයාට

අපේ වැඩමුළුව අවසාන වෙනකොට ඔයාට රු 25000 කටත් වඩා වටිනා .com වෙබ් අඩියක් නොමිලේ හිමිවෙනවා. ඒ වෙබ් අඩවිය තමයි ඔයා පුහුණු වෙන්න හදන්නේ . එකට අවශ්‍ය ඩොමේන් එක වගේම හොස්ටින් එකත් අපි ඔයාලට netcash.lk වෙනුවෙන් ලබා දෙනවා

ඊට අමතරව අපෙන් ඔයාලට මේ දේවලුත් ලැබෙනවා

  • වෙබ් අඩවි නිර්මාණය සඳහා අවශ්‍ය මෘදුකාංග ඇතුලත් DVD තැටි දෙකක්
  • වටිනා නිබන්ධනයක්
  • දිවා අහාර සහ උදැසන සහ සවස තේ පැන් (ඉහලම ප්‍රමිතියට උසස් මට්ටමින් )
  • ඔයාට පස්සේ කාලෙක ඇතිවන ඕනෙම ගැටලුවකට අපේ වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව වගේම දුරකථන අංක හරහා සම්පුර්ණ සහය (මේකනම් අපේ වැඩමුළුවට සහභාගී වෙන නොවෙන ඕනේ කෙනකුට අපි දෙන්න සුදානම් )

What should I bring මම මොනවාද ගෙන ආ යුත්තේ?

ඔයා අනිවාර්යෙන්ම ලැප්ටොප් පරිගණකයක් අරගෙන එන්න ඕනේ .  ඒ පරිගණකයේ මේ මෑතකාලින Adobe Photoshop, වගේ මෘදුකාංග ස්ථාපනය කර හෝ ස්ථාපනය කිරීමේ හැකියාව නම් තියෙන්නම ඕනේ. ඒ කියන්නේ අඩුම 3 GB RAM එකක් වත් තියෙන එකක් අරගෙන එන්න. ඒ වගේම වින්ඩෝස් සඳහා අවශ්‍ය වනමෘදුකාංග  අපි ලබා දෙනවා. ඔයා ගාව තියෙන්නේ Mac හෝ Apple වගේ Laptop එකක් නම් ඒ මෘදුකාංග ඔයා ස්ථාපනය කරගෙන එන්න. නැත්නම් අපිට කෝල් කරලා කියන්න . ඉගෙන ගන්න ඕනේ  නම් ඉතින් යාලුවෙක්ගෙන් හරි ඉල්ලගෙන එන්න කියලයි අපි කියන්නේ . ඒ වගේම ස්මාර්ට් ෆෝන් එක අරගෙන එන්න අමතක කරන්නත් එපා .

How are you Join කොහොමද මේකට එකතු වෙන්නේ?

මේ තරම් දේවල් උගන්වන , වගේම ගොඩාක් දේවල් ඔයාලට දෙන මේ වැඩමුළුව පවත්වන්න අවශ්‍ය කරන සියලු වැඩකටයුතු මේ වන විට netcash.lk අපි ඉක්මනින් සම්පාදනය කරමින් පවතිනවා . අපි වැඩමුළුව අවසානයේ රු25000 කට වඩා වටින වෙබ් අඩවියක් විතරක් ම නෙමෙයි තවත් දේවල් ඔයාලට ලබා දෙනවා . ඉතින් අපි මේ වැඩමුළුව සඳහා එක් අයකුගෙන් රු 6500 ක මුදලක් පමණක් අයකරනවා . මොකද මේ වැඩ කටයුතු වගේම සංචාරක හෝටලයක සියලු පහසුකම් සහිතව පුර්ණ වායු සමීකරණය කරපු තැනක තමයි අපි අපේ වැඩමුළුව පවත්වන්නේ . අපේ වැඩසටහන අපි පවත්වන්නේ අවිස්සාවේල්ල නගරයේදී. ඒ සඳහා අපි දිනයක් නියම කරගත් වහාම ඔයාලට අපි දැනුම් දෙනවා . ඔයාලට පුළුවන් එතකන් අපේ පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න . එතැනදී ඔයාගේ දුරකථන අංකය වගේම විද්‍යුත් ලිපිනයත් නිවැරදිව ඇතුල් කරන්න . ලියාපදිංචි වීම සඳහා පහතින් යන්න

Toggle title

Toggle content goes here, click edit button to change this text.

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න