forex Market එකේදී අපි තෝරා ගත යුතු මුදල් වර්ග මොනවාද ?

අපි දන්නවා forex Market එක කියන්නේ ලෝකේ විනිමය අනුපාතයන් වල වටිනාකම් එහෙ මෙහෙ වෙන ලෝක මුල්‍ය වෙළඳ පල කියලා. ඉතින් ඔයාලා මේ ෆොරෙක්ස් මාර්කට් එකට ගනුදෙනු කරන්න ආපුවහම දැනගන්න පුළුවන් මේකේ ගොඩාක් මුදල් වර්ග සංසරණය වෙනවා . ඒ විතරක් නෙමෙයි බිට් කොයින් , රත්තරන් , තබ සිල්වර් වගේ දේවල් වල පවා වටිනාකම් පිළිබඳව ඔයාට ඔයාගේ මෘදුකාංගයෙන් බලා ගන්න පුලුවන්. ඒ වගේම ඒවා යේ වටිනාකම් වලට ගනුදෙනු යොදලා ඔයාට බලන්නත් පුළුවන්. හැබැයි අපි මුලින්ම වගේම හැමදාම කියන කතාව තමයි ෆොරෙක්ස් කියන්නේ සුදුවක් නෙමෙයි. මේක ගොඩාක් හොදට ඉගෙන ගෙන සංයමයෙන් හා දැනුමෙන් යුතුව ගනුදෙනු කල යුතු තැනක්. එක නිසා ඔයා ගනුදෙනු යොදන්න කලින් අනිවාර්යෙන්ම දැනගෙන තියෙන්න ඕනේ අපි ගනුදෙනු යෙදිය යුත්තේ මොනවාටද? සහ ගනුදෙනු නොදිය යුත්තේ මොනවාටද කියලා .

මුදල් වර්ග කොතරම් තිබුනත් අපි තෝරාගන්නේ මුදල් යුගල එකක් හෝ දෙකක් පමණයි 

අපි මුලින් ලිපිවල කතා කළා මතක අති, නැත්නම් අපේ වීඩියෝ වල බැලුවනම් මතක අති FOREX කියන්නේ ඔයාගේ මෘදුකාංගයේ සෙල්ලම් කරන ගේම් එකක් නෙමෙයි. මේක ලෝක මුල්‍ය වෙළඳ පල. එතකොට අපි forex වලට ඇවිත් ගනුදෙනු කරන්න ඕනේ සම්පුර්ණ මෘදුකාංගය ගැන විතරක් බලලා නෙමෙයි , අපි මේ වෙනකොට ලෝකේ රටවල් වලට මොකද වෙන්නේ කියන එක ගැන හොයන්න ඕනේ. ඔයාලා දන්නවා ලංකාවේ රුපියල් forex market එකේ නැහැ. නිකමට හිතන්න ලංකාවේ රුපියල් මේ වෙළඳ පලේ තිබ්බනම් කියලා . එහෙනම් අපි දන්නවා ලංකාවේ දැනට අති වී තිබෙන දේශපාලන අස්ථාවර භාවය නිසා ලංකා රුපියලේ අගය එන්න එන්නම අඩු වෙනවා. හිතලා බලන්න බැරිවෙලා හරි ඔයාට පුළුවන් කම තිබ්බනම් usd/lkr කියන මුදල් යුගලය තුල ගනුදෙනු කරන්න , මේ දේශපාලන අස්ථාවර භාවයෙන් බාල්දු වෙන රටේ මුදල් හරහා ඔයාට ලාභ ලබන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම . 

හිතලා බලන්න ඔයා මිලදී ගන්නවා ඇමරිකානු ඩොලර් 1000 ක් . ඒ ඩොලරය රුපියල් 158 දවස් වල. මොකද ඔයා දන්නවා මේ දේශපාලන කෙලිය නිසා රුපියල ට බබා හම්බෙනවා කියලා. ඉතින් ඔයා ඔයාගේ සල්ලි ඩොලර් කරලා බලාගෙන ඉන්නවා. ඔන්න දැන් ඔයා වියදම් කරලා තියෙනවා 158 x 1000 ක් . ඒ කියන්නේ රුපියල් 158000ක්. දන් ඩොලරය රු පියල් 180 ක් වෙලා. ඔයා දන් තියාගෙන ඉන්න ඩොලර් වල වටිනාකම රු 180000 ක්. බලන්නකෝ ලාභ ය කොච්චරක්ද කියලා. ඉතින් සරලවම forex වලදී වෙන්නේ මේ ටික. එහෙමනම් ඔයාට පුළුවන් නේද යම් කිසි රටක සිද්දවෙන දේවල් බලලා හිතා ගන්න ඒ රටේ මුදල් වලට මොනවා වෙයිද කියලා. අන්න එහෙම හිතලයි අපි ගනුදෙනු කරන්නේ. 

රුපියලට බබා හම්බ නොවී තියේවිද ? (උත්තරීතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව )

අන්න එහෙම රටක ආර්ථිකයට සමබන්ධ පුවත් අපිට දැනගන්න පුළුවන් වෙබ් අඩවි තියෙනවා. ලේසියෙන්ම දැනගන්න අපිට ඉකොනොමික් කැලැන්ඩර් තියෙනවා, හායි මේවායේ නිවැරදි දත්ත පෙන්නුම් කරන්නේ ලෝකයේ ගොඩාක් ප්‍රබල රටවල් ටිකේ. අනික තමයි ලෝකේ වැඩියෙන්ම ගනුදෙනු වෙන මුදල් වර්ගය තමා USD, ඉතින් කිසිම කෙනම්කුට බැහැ මේ ඇමරිකානු ඩොලරය එහෙ මෙහෙ කරන්න ලේසියෙන්. ඒ කියන්නේ එක කාගෙවත් මිලදී ගැනීම් විකින්ම් වලට සංවේදී වෙලා ලේසියෙන් එහෙ මෙහෙ වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඇමරිකානු ඩොලරය අපේ මුදල් යුගලයක අනිවාර්ය ඇතුලත් කරගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ලෝකේ ප්‍රබල රටවල් අටක මුදල් වර්ග අට අපි ප්‍රධාන මුදල් වර්ග විදිහට ගන්නවා . major currency විදිහට අදුන්වන්නේ අන්න ඒවා. මතක තියාගන්න forex වලදී මේ මුදල් වර්ග විතරයි අපි යොදා ගන්නේ 

අපි අනිත් කාරණය තමා මුදල් යුගලයක් තෝරා ගනිද්දී ඇමරිකානු ඩොලර් තිබෙන මුදල් යුගලයක්ම තෝරා ගත යුතුයි. අන්න එහෙම ඇමරිකා ඩොලර් තියෙන හා major currency එකක්ම සම්බන්ධ මුදල් යුගල අපි major currency Pair කියලා කියනවා. මමනම් කියන්නේ ඔයාලට දෙන්න තියෙන හොදම උපදෙස තමයි හැමවෙලේම GBP/USD . EUR/USD, කියන මුදල් යුගල දෙක තෝරා ගන්න . මොකද මේ ගොඩාක් ප්‍රබල මුදල් වර්ග හතරක්. මොන දේ උනත් අපි භාවිතා කරන දර්ශක වල ක්‍රියාකාරිත්වය මේ වගේ මුදල් වර්ග වලට වඩාත් ගැලපෙනවා. මොකද ඒ රටවල් වල මුදල් වර්ග එකකවත් නිස්කාරනේ අගය අඩු වීම වලට එක දිගට ලක් වෙන්නේ නැ . වඩාත් ඉක්මනින් එහෙම උනොත් එයාලා ප්‍රති පුරාණය කර ගන්නවා. ඒ නිසා අපි ඉගෙන ගන්න දර්ශක වලට නුව මේ මුදල් වර්ග හැසිරෙනවා. නමුත් බොහෝ විට අනෙක් මුදල් වර්ග හරියටම එහෙම වෙයි කියලා විශ්වාස කරන්න මාරුයි .

Please Share Post
  • 3
  •  
  •  
  •  
  •  
  •  
    3
    Shares
  •  
    3
    Shares
  • 3
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න